Friday, June 15, 2012

ඔබත් අස්ථි සන්ධි වේදනා නිසා පීඩාවෙන්ද?




මැදි වියට එළඹීමත් සමඟ අස්ථි හා සන්ධි සම්බන්ධ ගැටළු කාරී අවස්ථාවන්ට මුහුණ දීමට බොහෝ කාන්තාවන්ට සිදුවේ.ආර්ථව අභාවයට පෙර හා පසු අවධියෙහි ඇතිවන හෝමෝන වෙනස්කම් සහ ඒ ආශ්‍රිත සංකුලතා බොහෝ විට මේ තත්වයට බලපෑම් ඇති කරයි.

අපගේ සිරුර නිර්මාණය වී ඇත්තේ සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් චලනය කළ හැකි සන්ධි දෙසිය තිහකිනි.අස්ථි පද්ධතිය මඟින් සිරුරට නිශ්චිත හැඩයක්ද,චලනය වීමේ හැකියාවද,ස්ථායීබවද ලබා දෙයි.සන්ධියක් නිර්මාණය වනුයේ අස්ථි දෙකක් හෝ කිහිපයක් අතර කලාපයේය.එය කාටිලේජ ,විවිධ තරල සහ පටක සහිත කලාපයකි.ඕනෑම  සන්ධි ආශ්‍රිත රෝග තත්වයකදී මෙම කොටස් එකක් හෝ කිහිපයක් ආඝාතයට පත්වීම දැකගත හැකිය.

 දිනපතා ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් නිසා ඕනෑම පුද්ගලයකුගේ අස්ථි සහ සන්ධි නිරන්තර වෙනස්කම් වලට භාජනයවේ.නමුත් කාන්තාවන් ගේ වයස අවුරුදු තිහ පමණ පසු වූ පසු මෙම ක්‍රියාවලියේ සමතුලිත බව බිඳ වැටීමක් සිදු වීම දැකගත හැකිය.එතැන් සිට ක්‍රමයෙන් සිරුරේ අස්ථි සහ සන්ධි දුබල වීමටත් විකෘති තා හට ගැනීමට ඇරඹීමත් සිදුවේ.ඒ සඳහා ඊස්ට්‍රජන් ඇතුළු ස්ත්‍රී හෝමෝනවල වෙනස්කම්ද,ක්‍රමවත් පරිදි අස්ථි වර්ධනයට අවශ්‍ය පෝෂක නොලැබීම,බලපායි.නමුත් පහත් කරුණු පිළිබඳ සැලකිලිමත් වීමෙන් මැදිවියේ ඔබට එම ගැටළුකාරී තත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබා ගත හැකි වේ.

මෙම රෝග තත්වයන් පාලනය කිරීමේදී මානසික සහ කායික විවේකය අතිශය වැදගත් ය.නිරක්ති තත්වයක් වේ නම් එය මඟ හරවා ගැනීමටත්,අධික ශීතල හෝ උණුසුම සහිත ස්ථානවලින් ඉවත් වීමටත්,වෙනත් රෝගාබාධයන් වේ නම් ඒ සඳා ඉක්මන් ප්‍රතිකාර වෙත යොමු වීමද ඉතා වැදගත් ය.
            

ආයුර්වේද මතානුකූලව වාතය සන්ධි රෝගවලදී කෝප වන ප්‍රධානතම දෝෂ තත්වය වේ. ඒ අනුව සන්ධි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අභ්‍යන්තර ඖෂධ,තෛල අභ්‍යංග කිරීම (තෙල් ගෑම ), ස්වේදනය (ඖෂධීය වාෂ්ප ඇල්ලීම ),සුදුසු ආහාර සහ යෝග ව්‍යායාම සහ විවේකය ලබා දීම රෝග තතවය අනුව අඩු වැඩි වශයෙන් සිදුකළ යුතුය.

විශේෂයෙන් අධික ප්‍රදාහතත්වයක් පවතින අවස්ථා වලදී ව්‍යායාමයෙන් වැලකීමට සහ හැකිතාක් විවේකය ලබා ගැනීමටත් සැලකිලිමත් විය යුතුය.නමුත් අවශ්‍ය අවස්ථාවේ ව්‍යායාම නොලැබී ගියහොත් සන්ධි කොරවීමට සහ,විකෘති වී චලනය කළ නොහැකි තත්වයට පත් වීමේ අවධානමක් පවතින බැවින් සුදුසුකමලත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රථිකාර සහ උපදෙස් ලැබීම වැදගත් ය.

.අස්ථි- සන්ධි සෞඛ්‍යය කෙරෙහි බලපාන පෝෂක ද්‍රව්‍ය විස්සක් පමණ අප ආහාරයේ අඩංගු වේ. සමතුලිත ආහාර වේලක අවශ්‍යතාවය වැදගත් වනුයේ එබැවිනි.

අධික ලෙස සත්ව ආහාර ,පැණි රස ආහාර,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර ගැනීම නිසා අපගේ රුධිරය සහ ශරීර පටකවල ආම්ලික ස්වභාවය ඉහල යාම අස්ථි කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි.එසේම ගැඹුරු තෙලෙහි බැදගත් ආහාර,බිත්තර කහමදය,විශේෂයෙන් පාන් පිටි ආහාර පරිභෝජනයෙන්ද හැකි තාක් වැලකී සිටියයුතු ය. අස්ථි ආශ්‍රිත වාත රක්ත අවස්ථාවක් පවතින විට තක්කාලි,ඉස්සන්,දැල්ලන්,බලමාලු,සෝස් වර්ග ,අච්චාරු වර්ග,චට්නි ආදිය නිසා රෝග තත්වය වර්ධනය වීමේ අවධානම වැඩිය

ආයුර්වේදයෙහි හමුවන ප්‍රධානතම රසායන ඔසුවක් වන නෙල්ලි සහ කරවිල,කුඹුක්,මුරුංගා,ලුණුවිල,ආදී ඔසු මේ සඳහා ප්‍රශස්ත ආකාරයෙන් යොදා ගත හැකි වීම විශේෂයකි

නික,රණවරා,අමුක්කරා,කුන්දිරික්කම්,බෙහෙත්එරඬු,ගුගුල්,ගොඩමානෙල්,සුදුළුණු,බෙලි,මුරුංගා,වදකහ,රසකිඳ,ජටාමාංශ සහ පිටසුදු සාරණ සන්ධි රෝග සඳහා සුලබව භාවිත කෙරෙන ආයුර්වේද ඖෂධ වර්ග වේ.ඒ ආශ්‍රිත ප්‍රශස්ත තතවයේ නිෂ්පාදිත ආයුර්වේද ඖෂධ වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීම සහ ඉහත සඳහන් පරිදි ඔබේ ආහාර විහරණ රටා සකස් කර ගැනීමෙන් ඔබටත් පහසුවෙන් සන්ධි ආශ්‍රිත රෝග තතවයන්ගෙන් මිදීමේ හැකියාව ලබා ගත හැකිය.

No comments:

Post a Comment